තරුෂි සහ ජයේෂිගෙන් පදක්කම් දෙකක්

තරුෂි සහ ජයේෂිගෙන් පදක්කම් දෙකක්

June 4, 2023   04:25 pm

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමිව තිබේ.

මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට සමත්විය.

එහිදී ජයේෂි උත්තරා මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.