ගිනි අවියක් පත්තු වී පොලිස් නිලධාරියාට තුවාලයි

ගිනි අවියක් පත්තු වී පොලිස් නිලධාරියාට තුවාලයි

November 12, 2018   04:03 pm

කලක පටන් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් කළ බව කියන සැකකරුවන් 7ක්  අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ප්‍රධාන ඒකකයේ නිලධාරීන් පිරිසකට හැකිව තිබුණි.

ඊයේ(11) රාත්‍රී 11.45 ට පමණ කුලියාපිටිය මීගහකොටුව මන්සන්ධියේදී අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මකවී සැරයන්වරයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් හා රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. 

කුලියාපිටිය නගරාසන්නයේ පදිංචිකරුවන් වූ සැකකරුවන් 5 දෙනෙකු එසේ අත්අඩංගුවට පත්ව තිබූ අතර කලක පටන් අදාළ සැකකරුවන් විසින් මහාපරිමාණ හෙරොයින් තොග වශයෙන් අලෙවි කරන බවට කොළඹ ප්‍රධාන ඒකකයට ලද තොරතුරකට අනුව විමර්ශනය සිදුකර කොළඹ සිට ලූහුබැඳ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූණේ ඔවුන් විසින් පවත්වා ගෙනයනු ලබන හෝටලයක් අසලදිය.

සැකකරරුවන් පොලිසියට බලහත්කාරය පා පලායන්නට ගත් උත්සහයේදී පොලීසිය ගිනි අවි පෙන්වා ඇතත් ඊට ප්‍රතිරෝදය පාමින් පොරබැදීමේදී සැකකරුවන්ගේ ආරක‍ෂාව තහවුරු කිරීමට යාමේදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් සාමාජිකයෙකුට තුවාල සිදුවතිබූ බව පොලිසිය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් එහි තිබු බවට අනුමාන කරන බවද පොලීසිය පවසයි.

සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරීන් පිරිසක් අදාළ වැටලීම සිදුකර තිබූ අතර කකුලට වෙඩිවැදීම හේතුවෙන් තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා ඊයේ දිනයේ සැත්කමකට භාජනය කිරීමට නියමිතව තිබූ බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.