මම කියන දේ මාධ්‍යයේ පල වෙන්නේ නෑ-සිංහල ජාතිය අභාවයට යනවා

මම කියන දේ මාධ්‍යයේ පල වෙන්නේ නෑ-සිංහල ජාතිය අභාවයට යනවා

October 18, 2018   09:49 pm

ලෝකයේ අභාවයට යන ජාතීන් තුනේන් එකක් ශ්‍රී ලංකාව බව දශක හතරකට පමණ පෙර ඇමැරිකාවේ විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කළ පරික්ෂණයකින් හෙළි වි ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ඒ හදුන්වා දුන් ජාතින් වන්නේ ඇමරිකාවේ රතු ඉන්දියන්වරු ,ඇස්කීමෝවරු තුන්වැන්න සිංහල ජාතිය ලෙස බවද ඒ මහතා පැවසීය.

මෙම කරුණ සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අවදානයට යොමු කරන්න අවශ්‍ය බවද එ් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් තමන් ප්‍රකාශ කරන කිසිදු කරුණක් මාධ්‍ය යේ පල නොවන බවද කථානායකවරයා එහිදි ප්‍රකාශ කළේය.

අරණායක හොරේවල ශ්‍රී හේවාසිංහරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සංඝාවාසය විවෘත කිරිමේ හා යෝජිත චෛත්‍ය රාජායාණන් වහන්සේට මුල්ගල තැබිමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් අද (18) පස්වරුවේ කථා නායක කරු ජයසූරිය මහතා මේ පැවසීය.