රන් කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි

රන් කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි

April 25, 2024   04:35 pm

අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව රන් තොගයක් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවය.

මෙම සැකකරුවන් විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදා කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙනගෙන ගොස් ඔහු සතුව තිබූ රන් කිලෝ 37ක් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් 5ක් නම්කර ඇති අතර එම සැකකරුවන් මැණික්හින්න, ගාල්ල, පුත්තලම සහ ගුන්නෑපාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට එම සැකකරුවන් පිරිස ඔවුන් පදිංචි ප්‍රදේශ අත්හැර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පහත චායාරූපවල දැක්වෙන සැකකරුවන ගැන තොරතුරක් දන්නේ නම් 071 859 1763 හෝ 071 859 4916 යන දුරකථන අංක හරහා පොලීසිය වෙත දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අප වෙත ඒවා තිබූ එම සැකකරුවන්ගේ ඡායාරූප පහතින්,