ඇල්ල කරඳගොල්ල ගැන අලුත්ම අනාවරණයක්

ඇල්ල කරඳගොල්ල ගැන අලුත්ම අනාවරණයක්

May 4, 2024   06:33 pm

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

පසුගිය දිනවල එම ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් එම තත්ත්වය හට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ මේ වනවිට නායයෑම් තත්ත්වයක් සක්‍රීය වෙමින් පවතින අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය.

එහිදී නායයෑමේ තත්ත්වය සක්‍රීය වී ඇති බව ද ඔවුන් ප්‍රකාශ කළ අතර එසේවීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමක දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටියේ, 

"බොහොම ගැඹුරින් පොළොවේ ගමන් කරන උමං මාර්ගයක ජලය... එහෙම අධික පීඩනයක්... පෘතුවි පෘෂ්ඨය මතුපිටට එන්න තරම් අධික පීඩනයක් ඇති වෙනවා නම් ඒ පීඩනයම ඇති ජලය ආපසු ගලාගෙන යන්නේ ඒ ජලය එන ජලාශය වෙතට. ඒ නිසා එවැනි කාරණයක් ගැන හිතන්න අපට අවශ්‍ය නැහැ. මොකද හේතුව... එහෙම අධික පීඩනයක් ඒ උමං මාර්ගය තුළ නැති බව තමයි දැන් අපිට පෙනී යන කාරණය."