විදුහල්පතිවරයෙකු සියදිවි හානිකරගනී

විදුහල්පතිවරයෙකු සියදිවි හානිකරගනී

April 25, 2024   05:08 pm

කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසුවූ විදුහල්පතිවරයෙකි.

ඔහු පදිංචිව සිටි කුලී නිවස තුළදී මෙලෙස එම විදුහල්පතිවරයා ගෙළවැලලාගෙන මියගොස් ඇති බව වාර්තාවෙයි.

මරණය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.