හිටපු අගමැති මහතීර් පුත්‍රයින් ගේ වැඩ නිසා අමාරුවේ වැටෙයි

හිටපු අගමැති මහතීර් පුත්‍රයින් ගේ වැඩ නිසා අමාරුවේ වැටෙයි

April 25, 2024   05:11 pm

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට දුෂණ විරෝධී කොමිසම පවසයි.

ඒ ඔහුගේ පුත්‍රයින්ට එරෙහිව දුෂණ චෝදනා එල්ලවී ඇති බවත් ඒ හේතුවෙන් හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ද පරීක්ෂණය පවත්වන බව එම කොමිසම වැඩිදුරටත් පැවසීය.
 
මැලේසියාවේ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රමුඛ දේශපාලකයින් ට එරෙහිව දැඩි පියවරගැනීමට එරට බලධාරීන් කටයුතු කරයි.

විශේෂයෙන්ම 98 හැවිරිදි හිටපු අගමැතිවරයාගේ සමීපතමයින් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ දැඩිකර තිබේ. ඔහු වර්තමාන අගමැති ඉබ්‍රහිම් අන්වර් ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙයි.

අන්වර් පවසන්නේ මෙම පරීක්ෂණ දේශපාලන විරුද්ධවාදීන් ව ඉලක්ක කර සිදු නොකරන බවත් එය රජය මගින් ගෙනයන මහා පරිමාණ දුෂණ වැළැක්වීමේ උත්සාහයක් බවත් ය.