අපේ දේ පුංචි හිතින්

අපේ දේ පුංචි හිතින්

October 17, 2018   08:56 pm

සම්ප්‍රදායික කෘෂකර්මාන්තය විදහා දක්වන සිඟිති පෙරහැරක් අද (17) හැටන් නගරයේ විධි සංචාරය කළේය.

හැටන් නිග්රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ සුමන පෙරපාසලේ සිඟිත්තන් මෙම පෙරහැරේ ගමන් කරනු ලැබුවේය.

සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට උපයෝගි කර ගත් උපකරණ, සම්ප්‍රදායික රසකැවිලි වර්ග සහ සම්ප්‍රදායික උඩරට පහතරට නර්තනාංග ද මෙම සිඟිත්තන් විසින් මෙම පෙරහැර විචිත්‍රවත් කිරිමට ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙරහැරට ඉදිරිපත්කර තිබු පැරණි කෘෂි උපකරණ සියල්ලක්ම කෘෂිකර්මාන්තයේදි ඉවත ලන පිදුරු වැනි ද්‍රව්‍ය උපයෝගි කරගෙන මෙම සිඟිත්තන් විසින් නිර්මාණය කර තිබුණි.

මෙම සිඟිත්තන්ගේ පෙරහැර හැටන් නිග්රෝබධාරම විහාරස්ථානයෙන් ආරම්භ කර හැටන් නගර මධ්‍යයේ විධි සංචාරය කර යළිත් හැටන් නිග්රෝධාරම විහාරස්ථානයට ගෙවදුනි.