බාර්බඩෝස් සහ ලුසියා ස්ටාර්ස් අතර තරඟය අද

බාර්බඩෝස් සහ ලුසියා ස්ටාර්ස් අතර තරඟය අද

August 18, 2018   10:48 am

 

කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බාර්බඩෝස් ට්‍රිඩෙන්ට්ස් සහ ලුසියා ස්ටාර්ස් කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බාර්බඩෝස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලුසියා ස්ටාර්ස් කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 226ක් ලබාගත්තේය.

 එම ඉනිම වෙනුවෙන් කිරන් පොලාඩ් පන්දු 54කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 104ක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින බාර්බඩෝස් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 7ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 57ක් ලබා සිටියේය.