ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

April 25, 2024   07:41 pm

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ඒ ලකුණු 67කින් තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස්කරගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 55ක් පමණි.

පන්දුයැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14කට කඩුලු 3ක් දවාගත් අතර උදේශිකා ප්‍රබෝධනී ලකුණු 10කට කඩුලු 2ක් දවාගත්තේය.