කුමන වනයට ඇතුල්වීම තවකාලිකව නවතා දමයි

කුමන වනයට ඇතුල්වීම තවකාලිකව නවතා දමයි

July 23, 2018   08:34 am

කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය සඳහා පාගමනින් පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් විවෘත කර තිබූ කුමන ජාතික වනෝද්‍යානය නැවත වසා දමා ඇත.

ඊයේ (22)මධ්‍යම රාත්‍රීයේ සිට වනෝද්‍යානය මෙලෙස වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

පසුගිය හතර වනදා ඔකද දේවාලය වැදපුදා ගැනීමෙන් අනතුරුව කතරගම පාද චාරිකාවේ පැමිනි මුල් කණ්ඩායම කුමන ජාතික වනෝද්‍යානය තුලට ඇතුළු වී ඇත.

ඊයේ සවස් වන විට ශ්‍රී ලංකාවේ දස අතින් පැමිණි පුද්ගලයන් තිස් දහසකට අධික පිරිසක් කුමන වනෝද්‍යාන පිවිසුමෙන් ඇතුළු වී කතරගම පාද චාරිකාවට එක් වී ඇති බව  කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.