පංච ශිලයවත් රැකිය නොහැකි ගිහි පාලකයන්ට යටත් වීම භික්ෂු සමාජයටම නින්දාවක්

පංච ශිලයවත් රැකිය නොහැකි ගිහි පාලකයන්ට යටත් වීම භික්ෂු සමාජයටම නින්දාවක්

July 22, 2018   10:29 pm

පංච ශිලයවත් රැකිය නොහැකි  ගිහි පාලකයන් විසින් ගෙන එනු ලබන ගිවිසුම් සහ පනත් වලට සංඝයාවහන්සේලාට යටත්වෙන්න සිදු වෙනා නම් එය මුළු මහත් භික්ෂු සමාජයටම සිදු කරණ නින්දාවක් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසීය.

එලෙස ගෙන එනු ලබන පනත් කෙටුම්පත් ඇත්නම් වහාම එම පනත් කෙටුම්පත් හකුලා ගන්නා ලෙසටද උන් වහන්සේ පැවසීය.

සංඝයා වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පනත් සම්මත කිරීමට උත්සාහ කරන්නේ නම් බුද්ධ ශාසන අමාත්‍යාංශය වැටලීමට සිදුවනු ඇති බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සදහන් කළේය.

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත් පිළිබඳව පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ද අදහස් පල කළේය.
පුද්ගලයන් විශ්වාස කරමින් සාසනය ගිහියන්ට පාලනය කිරිමට ඉඩ සලසා නෙදෙන ලෙසද එහිදි පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.