මාතර සිද්ධියේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකරුවන් 2 ක් බන්ධනාගාරයට රැගෙන යයි

මාතර සිද්ධියේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකරුවන් 2 ක් බන්ධනාගාරයට රැගෙන යයි

June 24, 2018   03:30 pm

 

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියට සහ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

අද (24) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි බන්ධනාගාර නිලධාරීන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අදාළ සැකකරුවන් දෙදෙනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක සහ අතුල කිත්සිරි කුමාර යන සැකකරුවන් දෙදෙනා මෙලෙස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර කොස්ගොඩ තාරකගේ සහෝදරයා තවදුරටත් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

අදාළ සැකකරුවන් ලබන මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමටයි ගාල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (23) නියෝග කළේය.