විදේශ රටක ගිනි අවියක් සමඟ හමුදා සෙබළුන් 2ක් මාට්ටු වෙයි

විදේශ රටක ගිනි අවියක් සමඟ හමුදා සෙබළුන් 2ක් මාට්ටු වෙයි

June 14, 2018   09:21 am

නීති විරෝධීව විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ලග තබාගත් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් සතුව තිබී මිලිමීටර 9 වර්ගයේ පිස්තොලයක්, හිස් පතොරොම් ගැබක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු යුද හමුදා අරක්කැමියෙකු වන අතර අනෙක් සැකකරු යුද හමුදා කෝප්‍රල්වරයෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් අද(14) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.