ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් 4ක් යෝජනා වෙලා

ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් 4ක් යෝජනා වෙලා

June 13, 2018   06:56 pm

 

2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් සිව්දෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණ කළේය.

ඒ ඊයේ(12) පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදි පැවැත්වුණි.