ගෙවල්  03ක් බිඳලා ලක්ෂ හයකට අධික මුදලක් සොරගෙන

ගෙවල් 03ක් බිඳලා ලක්ෂ හයකට අධික මුදලක් සොරගෙන

June 7, 2018   03:07 pm

ගිණිගත්හේන, බගතුලූව ප‍්‍රදේශයේ නිවාස 03 ක් බිඳ ලක්ෂ හයකට අධික මුදලක් සොරගෙන ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

අද(07) අලුයම 1.30 ට පමණ මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

නිවසේවල ජනෙලයෙන් ඇතුළු වූ සොරුන් කණ්ඩායමය අදාළ නිවෙස් තුළ තිබී ලක්ෂ හයාමාරකට අධික මුදලක් සොරාගෙන ඇති බව පොලීසිය කළ මූලික පරික්ෂනවලින් සොයගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධ හැටන් ඇඟිලි සළකුණු අංශය හා ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.