ආපදාවක් ඇත්නම් 1902ට ඇමතුමක් දෙන්න

ආපදාවක් ඇත්නම් 1902ට ඇමතුමක් දෙන්න

May 23, 2018   06:06 pm


ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී තිබේ.

මෙම අංකයට ඇමතීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම ආපදාව පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව ඇත.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හදිසි ආපදාව හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සේවා සපයන ලෙසත්, ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඒ සඳහා සූදානමින් සිටින ලෙසත් සියලු ම දිස්ත්‍රික් ලේකම්වරු මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙන ලදී.