ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කඩිනම් කරන ලෙස ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කඩිනම් කරන ලෙස ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

May 19, 2018   09:41 am

 

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩ වැඩපිළිවෙළක් ලෙස කඩිනමින් ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වැව් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය වඩා ශක්තිමත් කළයුතු බව මහවැලි සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පවසා ඇත.

මහවැලි සංවර්ධන හා පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යංශයේ කටයුතු ද අධීක්ෂණය කර තිබේ.
 
මහවැලි ජනපදිකයින් හට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවාධානය යොමුකළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ කඩිනමින් නිම කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

මේ අතර ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත ද ගොස් එහි කටයුතු අධීක්ෂණය කර නිලධාරීන්ට අදාළ උපදෙස් ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.