මුහුදු රළ ඉහළ නැගීම ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා

මුහුදු රළ ඉහළ නැගීම ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා

April 22, 2018   01:28 pm



මේ දින වල මුහුදු රළ ඉහළ නැගීම පිළිබඳ අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කලේ එම තත්ත්වය සුනාමි අනතුරක ලක්ෂණ නොවන බවයි.

මේ අතර ගාල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙරළබඩ ප්‍රදේශ කිහිපයක මාර්ග වෙත මුහුදු ජලය පැමිණීම පිළිබඳ තොරතුරු වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.

ධීවර සහ නාවික කටයුතු වලදී මුහුදේ රළු ස්වභාවය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවරයින් දැනුම්වත් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.