රත්‍රං තොගයක් ලංකාවෙන් ගෙනියන්න හදපු යුවලකට වැඩ වැරදුන හැටි

රත්‍රං තොගයක් ලංකාවෙන් ගෙනියන්න හදපු යුවලකට වැඩ වැරදුන හැටි

April 22, 2018   11:26 am



රුපියල් ලක්ෂ 91කට අධික වටිනාකමින් යුතු රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටින් රැගෙනයාමට උත්සාහ කළ අඹු සැමි යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා රත්‍රං කිලෝ ග්‍රෑම් 2.35 ක් මෙලෙස රටින් ගෙන යාමට උත්සහ කර තිබේ.

සහකාර රේගු මාධ්‍ය  ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ අද උදෑසන ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.