අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟ සිරිපා කරුණාවට විශාල පිරිසක් පැමිණෙයි

අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟ සිරිපා කරුණාවට විශාල පිරිසක් පැමිණෙයි

April 22, 2018   09:20 am


සිංහල හින්දු අලුත් අවුරුදු සමය අවසන් විමත් සමඟ ගත වු දින කිහිපය තුල ශ්‍රී පාදය වන්දනා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ පමණක් ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති  පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ පැමිණි වන්දනකරුවන් රැගත් වාහන නල්ලතන්නිය සියලුම රථගාල් වල ගාල් කර සෙසු වාහන නලලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් දක්වා මාර්ගය  දෙපස ගාල් කර බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.

2017-2018 ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 29 වෙනි දින වෙසක් පොහෝ දින අවසන් වන අතර , ශ්‍රී පද මළුවේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්, සහ දේව ආභරණ මේ මස 30 වෙනි දින ශ්‍රී පාද උඩමළුවේ සිට මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කර ඊට පසු  මැයි මස 01  දින එසේ වැඩම වු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්, සහ දේව ආභරණ විශේෂ පෙරහැරක් මඟින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහ විහාරස්ථනය දක්වා වැඩම කර ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝ නායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් කියා සිටියේය.