අද 2න් පස්සේ ගිඟුරුම් සහිත වැසි-හෙට වැස්ස අඩුවෙයි

අද 2න් පස්සේ ගිඟුරුම් සහිත වැසි-හෙට වැස්ස අඩුවෙයි

April 18, 2018   12:53 pm

පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට(19) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි හැකි බව ද එම නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර  සහ දකුණ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටියි.