පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නියෝජිත කණ්ඩායමක් ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යයන සංචාරයක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නියෝජිත කණ්ඩායමක් ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යයන සංචාරයක

March 24, 2018   03:10 pm


ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ නියෝජිත කණ්ඩායමක් 2018 මාර්තු 21 සිට 29 දක්වා අධ්‍යයන චාරිකාවක් සඳහා  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක නියැලෙනු ඇත.

මෙම අධ්‍යන චාරිකාව සඳහා කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය, නාගරික සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශන ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය, ඛනිජ තෙල් සම්පත් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, හා තිරසර සංවර්ධන හා වනජීවී ගරු නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජයසේන මහත්මිය යන පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ය. 

සංචාර කාලය තුළ ශී‍්‍ර ලංකා නියෝජිත පිරිස මෙල්බෝර්න් විශ්ව විද්‍යාලයේ ඒසියාලින්ක හි ජ්‍යෙෂ්ඨ ශාස්ත‍්‍රඥයින් හා කාන්තා නායිකාවන් සමඟ නායකත්ව කාන්තාවන් පිළිබඳ වටමේස සාකච්ඡාවකට සහභාගිවීමට නියමිතය.