නුවරඑළියේ ඉදන් හලාවත යන්න ගිහින් කොත්මලේ ජලාශයේ නැවතුණ හැටි

නුවරඑළියේ ඉදන් හලාවත යන්න ගිහින් කොත්මලේ ජලාශයේ නැවතුණ හැටි

February 18, 2018   04:59 pm



නුවරඑළියේ සිට හලාවත බලා ධාවනය වූ මෝටර් රථයක් තලවාකැලේ ප්‍රදේශයේදී කොත්මලේ ජලාශයට පෙරළී ගොස් තිබේ.

අද(18) පස්වරු 4ට පමණ අදාළ අනතුර සිදුව ඇති අතර මේ වන විට එහි තිබී කාන්තා මළ සිරුරක් ගොඩ ගෙන ඇති බව වාර්තා වෙයි.

අධික වේගයෙන් ධාවනට වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව සඳහන්ය. 

කාන්තා මළ සිරුර ලිඳුල රෝහල වෙත ගෙන ගොස් ඇති බවත්, එහි තවත් මළ සිරුරු ඇත්දැයි සොයා පොලීසිය හා ප්‍රදේශවාසීන් මෙහෙයුම් සිදු කරන බව අද දෙරණ වාර්තාකරු පවසයි.