දේපල සොරා කාලා වැඩ වරද්දා ගනී

දේපල සොරා කාලා වැඩ වරද්දා ගනී

January 13, 2018   04:43 pm


දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සහ වෙනත් දේපල සොරා ගන්නා ලද පුද්ගලයෙකු වාරියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී සොරාගන්නා ලද යතුරුපැදි 05ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 03ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරු අඹකදවල, හලාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ව්‍යාජ නම් 12කින් පෙනී සිට ඇති අතර  දිවයිනේ පොලිස් ස්ථාන රැසකට අවශ්‍යව සිටි  අයෙකු බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වාරිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වාරියපොල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.