අධික වේගයෙන් ආපු වෑන් රථය පාරෙන් එළියට පනියි-රථයට දැඩි අලාභ

අධික වේගයෙන් ආපු වෑන් රථය පාරෙන් එළියට පනියි-රථයට දැඩි අලාභ

January 12, 2018   06:44 pm

නාවලපිටියේ සිට හැටන් හරහා වැලිමඩ දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

අද (12) පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. 

අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ප‍්‍රධාන මාර්ගයට පහතින් වු අතුරු මාර්ගයක වෑන් රථය නතර වී තිබුණී. 

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදුවි ඇති බව අනතුර පිළිබඳ පක්‍ෂණ පවත්වන බව ගිනිගත්හේන පොලීසිය පැවසයි.
 
අධික වේගය අනතුරට හේතවී ඇති බව පොලීසිය වැඩි දුරටත් කියා සිටියි.