යාපනය සරසවියේ කලා පීඨය උණුසුම්-දින නියමයක් නොමැතිව පන්ති තහනම්

යාපනය සරසවියේ කලා පීඨය උණුසුම්-දින නියමයක් නොමැතිව පන්ති තහනම්

January 12, 2018   06:08 am

යාපනය විශ්ව විද්‍යායේ කලා පීඨයේ තුන්වන හා හතරවන වර්ෂවල සියලූම සිසුන්ගේ පන්ති දින නියමයක් නොමැතිව තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ඊයේ (11) දා රාත‍්‍රීයේ තීරණය කොට තිබේ.

එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තුන්වන හා හතරවන වසරවල සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් තුන් දෙනෙකු තුවාල ලබා ඊයේ සවස රෝහල් ගත කිරීමත් සමගම මේ තීරණය ගෙන ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ආර්.විග්නරාජා මහතා විසින් නිකුත් කල නිවේදනයක සදහන් වෙයි.

ගැටුම හටගෙන ඇත්තේ එක් සිසුවෙකු සමග ඇතිවූ පෞද්ගලික ආරවුලක් මත ඒ සම්බන්ධයෙන් වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් බවට තොරතුරු වාර්තා වෙයි.

මේම ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ගැටුම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කොට නැතත් තුවාල ලැබූ සිසුන්ගෙන් යාපනය රෝහල් පොලීසිය කට උත්තර ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.