ඉන්දියාව ලකුණු 112ට සීමා වෙයි

ඉන්දියාව ලකුණු 112ට සීමා වෙයි

December 10, 2017   03:13 pm




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ ඉන්දීය ඉනිම ලකුණු 112කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

මීට ටික වේලාවකට පෙර අවසන් කඩුල්ල ලෙස ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මහේන්ද්‍ර සිං දෝණී ලකුණු 65ක් ලබා සිටියදී තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

 ඉන්දීය මුල්පෙල පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී  ගිය අතර ලකුණු 19ක් ලැබූ කුල්දීප් යාදව්ට අමතරව සෙසු කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10යේ සීමාව ඉක්මවා යාමට සමත් වුයේ නැත.

ශිකර් දවාන්, දිනේෂ් කාර්තික් ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකුම කිසිඳු ලකුණක් නොලබා දැවී යාම විශේෂත්වයකි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු සුරංග ලක්මාල් සිය පන්දුවාර 10 තුළ ලකුණු 13කට කඩුලු 4ක් බිද හෙලීය.

 නුවන් ප්‍රදීප් කඩුලු දෙකක් ද, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, අකිල ධනංජය සහ සචිත් පතිරණ එක් කඩුල්ල බැඟින් දවා ගත්තේය.