ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව විරෝධතා
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව විරෝධතා

December 10, 2017   12:41 pm




ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව කුවේට්හි දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

කුවේට්හි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ඉතා දුර්ලභ සිදුවීමක් වන අතර ඊයේ පැවති මෙම උද්ඝෝෂණය සඳහා කුවේට් ජාතිකයින් මෙන්ම එරට වෙසෙන පලස්තීන ජාතිකයින් පිරිසක් ද එක්ව සිටි බව සඳහන්ය.

ජෙරුසෙලම, ඊශ්‍රායලයේ  අගනුවර ලෙස පිළිගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පල කරමින් මුස්ලිම් රටවල් සහ අරාබි රටවල් රැසක පසුගිය දින කිහිපය පුරා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණි.