ගමේ අපිට බෙදීමක් අවශ්‍ය නෑ

ගමේ අපිට බෙදීමක් අවශ්‍ය නෑ

December 10, 2017   06:42 am

ගම තුළ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට බෙදී සිටීමේ කිසිදු හේතුවක් නොමැති බව එම පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ගාල්ල අක්මීමන ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු ප‍්‍රකාශ කළේ වෙන්වුණ පිරිස පසුපස යාම වෙනුවනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින පිරිස් ඒකාබද්ධ කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කළේ අනෙකුත් පක්ෂ භේද බින්න වි තිබෙන අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයග‍්‍රහණය කළ හැකි බවයි.