ලබන ජනවාරියේ සිට රජයේ  සේවකයන්ගේ වැටුප් වැඩිවෙන හැටි මෙන්න

ලබන ජනවාරියේ සිට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවෙන හැටි මෙන්න

November 15, 2017   10:34 am

ලබන වසරේ ජනවාරි මාසයේ  සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩිවන බව ස්වදේශ කටයුත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මෙම වැටුප් වැඩිවීමට අනුව කාර්යාල කාර්ය සහයකයාගේ සිට නීතිපතිවරයා දක්වා වැටුප් වැඩිවන බව ඔහු කීය.

ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප රුපියල් 14,000 සේ සිට රුපියල් 23,000  දක්වා ත් විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 60,000 සිට රුපියල් 69,756 දක්වා ත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් 110,000 දක්වාත් වැඩි වන බව අමාත්‍යවරයා පැවැසීය.

මෙම වැටුප් වැඩිවීම සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 12ක අතිරේක මුදලක්  අවශ්‍ය වන බව ද හෙතෙම කීය.