යාපනයේ ජල හිඟයට ඉංජිනේරු සැළැස්මක්

යාපනයේ ජල හිඟයට ඉංජිනේරු සැළැස්මක්

September 22, 2017   08:25 pm

යාපනය අර්ධදිවීපයේ පවතින දැඩි ජල හිඟයට පිළියම් ලෙස වර්ෂා ජලය ආරක්ෂාකර භාවිතයට ගැනීමේ නව ඉංජිනේරු සැළසුමක් සහිත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ව්‍යාපෘතිය යටතේ වඩමාරච්චි කලපුව ප‍්‍රදේශයේ වර්ග කිලෝමිටර 78 ක ප‍්‍රදේශයක් තුළ වාර්ෂික වාර්ෂාපතනයෙන් සියයට 20 ක් පමණ ආරක්ෂා කර ගනිමින් භාවිතයට සුදුසු ලෙස යොදා ගැනීමට සැළසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සදහා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

අග‍්‍රාමාත්‍යවරයා විසින් පත් කළ උතුරු පළාත් සංවර්ධන කමිටුව සහ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අධීක්ෂණය කරයි.

ලන්දේසි හා ඉංග‍්‍රීසි ආණ්ඩු සමය තු\ල ඔවුන් මෙම ප‍්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීම සදහා තරමක උත්සහයක් දරා ඇති අතර පසු කාලීනව විශේෂඥයන් විසින් අනාවරණය කරනු ලැබු කරුණක් වනුයේ පාලිත තත්ත්වය යටතේ මෙම කලපු ජලය නැවත ක්‍ෂාරීය කළ හැකි බවයි.