ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

August 20, 2017   10:35 am



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු බුලත්සිංහල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 මතුගම කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ලොරි රථයක් පරික්ෂා කිරීමේ දී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බව සඳහන්ය.

ලොරි රථය තුළ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 අත්අඩංගුවට ගත් සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසුවේය.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.