ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය වැඩිවෙලා

ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය වැඩිවෙලා

August 20, 2017   09:49 am




දිගින් දිගටම මැතිවරණ කල් දමන්නේ නම් ජනතාව සමඟ එක්ව මැතිවරණය පවත්වන ලෙස රජයට බල කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය දිනෙන් දින වැඩි වන බවයි.

පුත්තලම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.