ජාතික ආණ්ඩුවක් හැදුවෙ එජාපෙට කඩේ යන්න නෙමෙයි

ජාතික ආණ්ඩුවක් හැදුවෙ එජාපෙට කඩේ යන්න නෙමෙයි

August 16, 2017   04:56 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් සඳහා යොමු වුණේ කිසිදිනක එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කඩේ යෑමට නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

අද(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

යහපාලනය ඇති කරන බව එක්සත් ජාතික පක්ෂය පැවසුවද අද වන විට යහපාලනය සිදුකරනු ලබන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බවත් බැඳුම්කර සිදුවීමේදී ඒ බව මනාව පවසක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති කොමිසමක් පත් කර වැරදිකරුවන් නීතියට හසු කර ගැනීමට ඒ තුළින් හැකි වු අතර හෙට දිනයෙදීත් රට වෙනුවෙන් කිරිමට යම් දෙයක් ඇත්නම් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා අවශ්‍ය තීරණ ගන්නා බව ද ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ජනතා අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රීල.නි.පය නිරන්තරෙයෙන් කැප වෙන බවත් රටේ ජනතාවට අද අසීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා දී ඇති බව ද ඔහු කියා සිටියේය.