වර්ෂාපතනය ප්‍රමාණවත් නෑලු

වර්ෂාපතනය ප්‍රමාණවත් නෑලු

August 13, 2017   07:29 am


වර්ෂාපතනය ලැබෙමින් පැවතියද සැළකිය යුතු මට්ටමෙන් විදුලිය නිපදවීමේදී ජලවිදුලි බලාගාරවලට එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ කෙසේවෙතත් ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු නිම කර ඇති බැවින් එය නැවත විදුලි ජනනයට එක්කර ඇති බවද සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.