පාර්ලිමේන්තුවත් උණුසුම්-සභාව කල් තැබෙයි

පාර්ලිමේන්තුවත් උණුසුම්-සභාව කල් තැබෙයි

July 26, 2017   02:49 pm




විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පාර්ලිමේන්තුවේ හටගත් උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගෙන තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තෙල් සේවක වර්ජනය සම්බන්ධයෙන් අද(26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ඒත් සමඟ ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විවිධ ප්‍රශ්න නැගීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සභාව කල් තැබීමට පියවර ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.