කතරගම ඇසළ පෙරහැර අදත්

කතරගම ඇසළ පෙරහැර අදත්

July 25, 2017   09:34 am

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහැර අද(25) රාත්‍රියේත් විථි සංචාරය කිරිමට නියමිතව තිබේ.

මෙවර ඇසළ පෙරහැර වීදි සංචාරය කිරීම ඊයේ(24) රාත්‍රී ආරම්භ කෙරුණි.

ඊයේ රාත්‍රී 7.15ට  යෙදුනු සුබ මොහොතින් මහ දේවාලයෙන් ආරම්භ වී අෂ්ඨපල බෝධිය වට රවුමෙන් පැමිණ මහ විදිය ඔස්සේ මහ දේවාලයට ගෙවදීමෙන් පළමු පෙරහැර අවසන් වු බව රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී කුමාරගේ මහතා සඳහන් කළේය.

ඓතිහාසික රුහුණූ කතරගම ඇසළ මංගල්‍යයේ පළමු මහ පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ද එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.