කෙරවලපිටිය යථාතත්ත්වයට

කෙරවලපිටිය යථාතත්ත්වයට

July 25, 2017   09:13 am

යාන්ත්‍රික දෝෂයකට ලක්වු කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ අදාළ යන්ත්‍රය යාන්ත්‍රක දෝෂයට ලක්වීම හේතුවෙන් ඊයේ(24) රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වු බවයි.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් ද මේ වන විට අක්‍රීයව පැවතීම හේතුවෙන් දෛනික විදුලි උත්පාදනයට යම් බලපෑමක් එල්ල වී ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.