සයිප්‍රස් ගිය ලාංකිකයාට පිහියෙන් ඇනලා

සයිප්‍රස් ගිය ලාංකිකයාට පිහියෙන් ඇනලා

July 24, 2017   09:41 pm



සයිප්‍රස් හි මහල්නිවාස සංකීර්ණයකදී පිහියකින් ඇණ අභිරහස් ලෙස මරා දමා තිබූ ශ්‍රී ලාංකිකයෙකුගේ සිරුරක් අද (24) එරට පොලීසිය  විසින් සොයා ගෙන ඇතැයි එරට පළවන ‘සයිප්‍රස් මේල්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙලෙස මරා දමා තිබියදී සොයා ගෙන ඇත්තේ හතළිස් දෙහැවිරිදි වියේ පසුවූ ලාංකිකයෙකි. 

සයිප්‍රසයේ අගනුවර වූ ලිමසෝල් හි ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ඔහුගේ  ඥාතියෙකුට අයත් මහල් නිවාස සංකිරීණයක් තුළදී මෙම පුද්ගලයා අභිරහස් ලෙස මිය ගොස් සිටියදී  මෙම සිරුර සොයා ගැනීමට හැකිවී ඇතැයි සඳහන් වේ.

ඔහු එම නිවසයේ සිටියදී යම් පුද්ගලයෙකු පැමිණ ඇති අතර නිවසේ දොර ඇර නිවසට පැමිණ  ලාංකිකයාට පිහියෙන් ඇණ පළා ගොස් ඇතැයි එරට පොලීසිය සැක පළ කරයි.  

එම ලාංකිකයා ගේ මරණය සම්බන්ධයෙන් මේවන විටත්  සයිප්‍රස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   විශේෂ පරීක්ෂයක් පවත්වමින් සිටින අතර එමඟින් හෙළිවී ඇත්තේ ඔහුව මරණයට පත්කළ තැනැත්තා ආසියානුවෙකු බවට සැකකරන බවයි.

  ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන හෙයින් ඒවා තහවුරු කර ගැනීමෙන් පසුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව සයිප්‍රස් පොලීසිය සඳහන් කර සිටී.

ඝාතනයට ලක්වූ තැනැත්තා සහ සැකකරු   ඉතාම හොඳ මිතරන් බව ද පොලීසිය  හෙළිදරව්ව කර ගෙන ඇතැයි සයිප්‍රස් මේල් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.