පාරිශුද්ධභාවය-විනිවිදභාවය ආරක්ෂා කරන්න රජය කැපවෙනවා

පාරිශුද්ධභාවය-විනිවිදභාවය ආරක්ෂා කරන්න රජය කැපවෙනවා

July 17, 2017   04:36 pm


මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(17) කොළඹදී ආරම්භ කෙරුණු මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සෑම රටක්ම මුහුණදී සිටින අභියෝග ජය ගැනීමට නම් ඒ පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඇති කර ගත් එකඟතා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට සියලු රටවල් කැපවිය යුතු බවයි.

සාමාජික රටවල් 41ක් සහ අන්ත්ර්ජාතික නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සමුළුව මේ මස 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.