අමාත්‍යාංශ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ දෙන්න පියවර අරන්

අමාත්‍යාංශ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ දෙන්න පියවර අරන්

July 16, 2017   12:46 pm



අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ ලබාදීමට පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ අමාත්‍යාංශ ලේකම්වරයාට මෝටර් රථයක් ලබාදී තිබියදී තවත් මෝටර් රථයක් සඳහා රුපියල් හාර ලක්ෂ 25,000 මුදලක් මාසිකව ගෙවීමට තීරණය කර ඇති බවය.

මෙම ගැටළුව විසඳීම සඳහා වහාම මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා සිටින බව ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේය.