සංඝරත්නයට අපහාස කිරීම අනුමත කරන්නේ නෑ

සංඝරත්නයට අපහාස කිරීම අනුමත කරන්නේ නෑ

June 25, 2017   09:28 pm


රටේ ගෞරවනීය මහා සංඝරත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ  නවීන තාක්ෂණයත් සමග දිනෙන් දින පිරිහෙමින් පවතින සමාජය සන්සුන් කළ හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් බවයි.

කළුතර බෝධි පරිශ්‍රයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස්  පළ කළේය.