රන් මාලයක් කොල්ල කන්න ගිය 2ක් අල්ලයි

රන් මාලයක් කොල්ල කන්න ගිය 2ක් අල්ලයි

June 25, 2017   10:46 am



 හොරණ - මොරගහහේන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු රන් මාලයක් කොල්ලකා පළායාමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ එළවළු වෙළෙඳසැලක  ව්‍යාපාරිකයෙකුගේ රුපියල් හාර ලක්ෂ 5000ක් වටිනා රන් මාලය කොල්ලකා පළායාමට උත්සාහ කළ අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා සහ තවත් තිදෙනෙකු සැකකරුවන්ට පහරදී ඇති බව සඳහන්වේ.
 
ඒ අනුව කොල්ලකන ලද රන් මාලය ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන්  පොලීසියට බාරදීමට ඔවුන් පියවර ගෙන තිබේ.

සැකකරුවන් පොල්ගස්ඕවිට සහ කහතුඩුව ප්‍රදේශවල  පදිංචි විසි එක් හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය පැවසුවේය.

ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.