TV දෙරණට රයිගම් සම්මාන

TV දෙරණට රයිගම් සම්මාන

June 24, 2017   10:47 pm


මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මාන රැසක් දිනා ගැනීමට ටීවී දෙරණ නාලිකාව සමත් වී තිබේ.

රූපවාහිනී ක්ෂේත්‍රයේ කුසලතා දැක්වු විශිෂ්ටයින්ට සම්මාන පිරිනැමෙන රයිගම් ටෙලි සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී  අද පස්වරුවේ ආරම්භ විය. 

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල පැවැත්වුණේ 13 වන වරටයි. 

රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ජුරියේ විශේෂ ඇගයීම් කුසලතා සම්මානයෙන් වසන්ති නානායක්කාර මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලබන වැලිපිල්ල වැඩසටහන පාත්‍රවිය.

ඊට අමතරව අලුත් පාර්ලිමේන්තුව වසරේ  විශිෂ්ටතම විස්තරාත්මක කාලීන වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. 

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙලේ දී වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන ලෙස ඩෙල් ස්ටූඩියෝ වැඩසටහන සම්මානයට පාත්‍ර විය.

මීට අමතරව මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යට හිමි සම්මානය ටී වී දෙරණ ඔස්සේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය විසින් දිනා ගන්නා ලදී.

එමෙන්ම වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය එම නාට්‍යයේ රංගනයෙන් දායක වන නයන්තරා විසින් දිනා ගන්නා ලදී.