කසළවලට විසඳුම් ක්‍රියාවට නංවා තියෙනවා

කසළවලට විසඳුම් ක්‍රියාවට නංවා තියෙනවා

June 24, 2017   12:22 pm


මීතොටමුල්ල ප්‍රදේශයට කසළ බැහැර කිරීම වෙනුවට, එයට විසඳුම් වශයෙන් ඉදිරිපත් කළ වැඩසටහනේ ඇතැම් යෝජනා කොළඹ මහනගර සභාව විසින් ක්‍රියාවට නංවා ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය  කළමනාකරණ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා පවසන්නේ, කෙසේවෙතත් තම අධිකාරිය බලාපොරොත්තු වූ මට්ටමින් එය තවමත් ක්‍රියාත්මක නොවන බවයි.

ඉදිරියේදීද කසළ කළමනාකරණය සඳහා සහාය වීමට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය  කළමනාකරණ අධිකාරිය ද මැදිහත්වීමට අපේක්ෂා කරන බව නලීන් මාන්නප්පෙරුම මහතා පවසයි.