නඩරාජා රවිරාජ් ඝාතන නඩුව-නාවික හමුදා නිලධාරින් 3ට සිතාසි නිකුත් කරයි

නඩරාජා රවිරාජ් ඝාතන නඩුව-නාවික හමුදා නිලධාරින් 3ට සිතාසි නිකුත් කරයි

June 19, 2017   02:12 pm



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

කොළඹ මහාධිකරණය ඒ සම්බන්ධයෙන් පැවැත් වූ නඩු විභාගයෙන් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව  රවිරාජ් මහතාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව කුමුදුණි වික්‍රමසිංහ සහ ප්‍රීති පද්මන් සූරසේන  යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම සැප්තැම්බර් මස 04 වනදා විභාගයට ගැනීමට අද(19) තීරණය කළ බව වාර්තා වේ.

වගඋත්තරකාර නාවික හමුදා නිලධාරින් තිදෙනාට සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියම කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොණුකර තිබියදී මහාධිකරණය විසින් ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කිරීම නීති විරෝධි බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.