බොල්ගොඩ වේල්ලත් අනතුරේ! පොලිස් වසම් 06ක් අවදානමේ

බොල්ගොඩ වේල්ලත් අනතුරේ! පොලිස් වසම් 06ක් අවදානමේ

May 28, 2017   10:17 pm




බොල්ගොඩ ජලාශයේ පනාපිටිය වේල්ල කැඩී යාමේ අවධානමක් හේතුවෙන් වාද්දූව, බණ්ඩාරගම, අඟුරුවාතොට, මොරේතුඩුව, පානදුර උතුර සහ දකුණ ගං වතුර අවධානමක්ට ලක්විය හැකි බව පොලීසිය නිවේදනය කරයි.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබේ.

මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්, වාද්දුව සහ මොරන්තුඩුව වැසියන් අවධානයෙන් සිටිය යුතු බව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පෙන්වා දෙයි.

එම අවධානම් කලාපයේ සිටින ජනතාව වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසද දන්වා ඇති බව සඳහන්ය.