කාබයිඩ් ටැංකියක් පුපුරා 1ක් මරු දකියි

කාබයිඩ් ටැංකියක් පුපුරා 1ක් මරු දකියි

May 23, 2017   12:52 pm



වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ සේවා ස්ථානයක කාබයිට් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද(23) උදෑසන 830ට පමණ අදාළ ගෑස් ටැංකිය පුපුරා ගොස් ඇති අතර එහිදි එම ස්ථානයේ සේවය කළ සේවකයෙකු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කූරිකොටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

 මෘත ශරීරය මේ වන විට වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර වේයන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.