SAITM ගැටළුවට විසඳුම් ඉල්ලා අත්පත්‍රිකා බෙදයි

SAITM ගැටළුවට විසඳුම් ඉල්ලා අත්පත්‍රිකා බෙදයි

May 22, 2017   11:52 am


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් අද උදෑසන කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්වුණි.

අද උදෑසන 07.00ට එම අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහන ආරම්භ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගැටළුවට නිසි විසඳුම් ලබා නොදීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම ඇතුළු කරුණු  මුල් කර ගනිමින් අද දිනයේ ක්‍රියාත්මක  රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව මෙම අත්පත්‍රිකා බෙදාහැරීම සිදු කර තිබේ.

 මෙම අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇතුළු තවත් වෘත්තීය සමිති රැසක් එක්ව සිටින බව වාර්තා වෙයි.